Saturday, July 13, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

අභිධර්මය ප්‍රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
  1. චිත්ත පරමාර්ථය 
  2. චෛතසික පරමාර්ථය 
  3. රූප පරමාර්ථය 
  4. නිබ්භාන පරමාර්ථය 
චිත්ත පරමාර්ථය

අභිධර්මයේ සිත් 89 ගැන කියවේ. මෙය 121 දක්වාද කොටස් කල හැක.



 
සම්පුර්ණ සටහන: http://www.mindmeister.com/170198376/_

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය චිත්ත පරමාර්ථය - අභ්‍යාස

  1. පහත පද වල තේරුම ලියන්න.
    • සෝමනස්ස සහගත
    • උපේක්ඛා සහගත
    • දිට්ඨිගත  සම්පයුක්ත
    • දිට්ඨිගත  විප්පයුක්ත
    • අසංඛාරික
    • සසංඛාරික
    • දෝමනස්ස සහගත
    • පටිඝ සම්පයුක්ත
    • විචිකිච්චා සම්පයුක්ත
    • උද්දච්ච සම්පයුක්ත
    • ඤාණ සම්පයුක්ත
    • චක්ඛු වීඤඤාණය
    • සම්පටිච්චන
    • සන්තිර්ණ
  2. රහතන් වහන්සේලා සිනා පහල කරනවිට ඇතිවන සිත කුමක්ද?
  3. කිරිය සිත් ඇතිවන්නේ කාටද?කුමන හේතුවක් නිසාද?
  4. අමල්ට සුවදක් දැනුනි. එය ප්‍රනීත සුවදක් බව ඔහුට පසක් විය. තදුරටත් එය අම්මා උයන පරිප්පු ව්‍යංජනයකින් එම සුවද හමන බව ඔහු හදුනා ගනී. ඔහුට ඇතිවූ අහේතුක සිත් පිලිවෙලින් ලියන්න
  5. මා  මල්ලි සමග පාරේ යන විට බිම වැටි තිබු මුදල් පසුම්බියක් දුටුවෙමි. අන්සතු මෙය ගැනීම වරදක් බව මම දැන සිටියෙමි. නමුත් මම මල්ලිගේ බල කිරීම නිසා සතුටින් යුතුව එම පසුම්බිය ගැනීමට සිතුනි. මට ඇතිවූ සිත කුමක්ද?
  6. මම කජු පුහුලම් කැඩීමට ගසට පොලු ගැසුවෙමි. මෙම ගලක් වැදී කුරුළු පැටවෙකු බිම ඇද වැටුණි. කුරුළු පැටවා මැරෙයි දැයි සිත මාසිත විසිරීමට පත් විය. පසුව මෙනිසා මට පවක් සිදුවේදැයි මට සැකයක් ඇති විය.  මට ඇතිවූ සිත් පිලිවෙලින් ලියන්න.
  7. මහා භූත රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  8. උපාදාය රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  9. විෂය රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  10. අභිධර්මයේ රූප කියක් සදහන් වේද?
  11. අයිස් කැටයක් තදය. සිසිල්ය. මෙය ටික වෙලාවක් යනවිට දියවේ. එවිට වැගිරී යයි. මෙය රත් කල විට රත්වී නටයි. පසුව වාෂ්ප වේ. මේ එක එක අවස්ථාවේ බහුලව තිබූ මහා භූත රූප මොනවාද?
  12. ඇසට රුපයක් පෙනෙන අයුරු අපි විද්‍යාව පාඩමෙන් උගත්තෙමු. එමගින් කාචය හරහා ගොස් දෘෂ්ඨිවිතානයේ යටි කුරුව ඇතිවන ප්‍රතිබිම්බය මොලය මගින් හදුනා ගනී. මෙලෙස රූපයක් හදුනා ගැනීමට හැකිවන ලෙස ඇසේ විශේෂ කොටසක් ඇතිවී ඇත. මෙය අභිධර්මයේ හදුන්වන නම කුමක්ද?
  13. අහේතුක සිත් යනු මොනවද?

    1. අප රුපයක් දුටුවිට මුලින්ම ඇතිවන සිත කුමක්ද?
    2. එම අරමුණ පිළිගැනීමට ඇතිවන සිත කුමක්ද?
    3. එම අරමුණ කුමක්දැයි තීරණය කිරීමට ඇතිවන සිත කුමක්ද?
  14. දෙපස් වීඤ්ඤාණ සිත් කියද? මොනවාද?
  15. ඔබ පන්තියේ ඉගෙනගනිමින් සිටිනවිට,
    1. යාබද නිවසක රසවත් කෑමක් පිසින සුවදක් දැනෙයි. ඔබට ඇතිවන අහේතුක සිත් පිළිවලින් ලියන්න.
    2. පන්තිය අසල ජරා ගොඩක දුගදක් දැනෙයි. ඔබට ඇතිවන අහේතුක සිත් පිළිවලින් ලියන්න.
  16. ධම්මාරම්මණ අරමුණු වන්නේ කුමන ඉන්ද්‍රියටද?
  17. පන්චද්වාරාවර්ජන සිත යනු කුමක්ද? 
  18. මනෝද්වාරාවර්ජන සිත යනු කුමක්ද?
  19. රහතන් වහන්සේලාට ඇතිවන සිත් මොනවාද? 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Tuesday, July 9, 2013

දහම් පාසැල 8 ශ්‍රේණිය - බුද්ධ චරිතය අභ්‍යාස

1 පාඩම

  1. බෝසතුන් කොපමණ කලක් සත්‍ය සොයමින් කාලය ගාථා කලේද?
  2. මෙමෙ කාලයේදී උන් වහන්සේගේ ගුරුවරුන් කවුරුන්ද?
  3. ත්‍රිවිද්‍යා මොනවාද?
  4. බුදු හිමි බුද්ධත්වයට කවදාද? කොහෙදිද?
  5. සත් සතිය නම් කරන්න.
  6. සත් සතිය වන්දනා කරන ගාථාව කුමක්ද?
  7. පහත සති වල සිදුවූ වැදගත් සිදුවීම් මොනවාද?
    1. 1 සතිය
    2. 4 සතිය
    3. 5 සතිය 
  8. බුදු  හිමි පළමු ධර්ම දේශනය සුදු කාලේ කවදාද? කොහෙදිද? කා සදහාද? එම සුත්‍රය කුමක්ද? එහි අඩංගු කරුණු මොනවාද? එය අසා සෝවාන් වුයේ කවුරුන්ද?
  9. පස්වග මහනුන් රහත් වීමට දෙසු සුත්‍රය කුමක්ද?
  10. ප්‍රථම රහත් 60 නමට දුන් අවවාදය කුමක්ද?
  11. ප්‍රථම රහත් 60 නම නම් කරන්න.
  12. එම පිරිසට ධර්ම චාරිකාවේ පිටත් කර බුදුහිමි වැඩියේ කොහාටද?
  13. බුදු සසුනේ දෙවන ධර්ම දුත කණ්ඩායම කවුරුන්ද?
  14. බුදු සසුනේ තෙවන ධර්ම දුත කණ්ඩායම කවුරුන්ද? කීයද?මොවුන් රහත් වීමට දෙසු සුත්‍රය කුමක්ද?
  15. තුන් බෑ ජටිලයන් නම් කරන්න. ඔවුන්ගේ පිරිස වෙන වෙනම දක්වන්න.
  16. බුදු සසුනේ අග්‍රශ්‍රාවකයන් වහසේලා නම් කරන්න. මොවුන්ගේ ගිහි නම් මොනවාද? මොවුන්ගේ මුල් ගුරුවරයා කවුද? මොවුන් බුදු හිමි වෙත පමිණියේ  කගෙන් දහම් අසාද?
  17. තෙරුවන් සරණ ගියා පළමු රජු කවුද?
  18. බුසසුනේ අග්‍ර දායක හා දායිකාව නම් කරන්න.
  19. වේළුවනාරාමය ඉදිකළේ කවුද?
  20. ජේතවනාරාමය ඉදිකළේ කවුද?
  21. පුරවාරාමය ඉදිකළේ කවුද?
  22. නිග්‍රෝධරාමය ඉදිකළේ කවුද?
  23. බුදු හිමි පිහිටවූ අසරණයෝ කවුරුන්ද?
  24. බුදු හිමි පිහිටවූ කාන්තාවෝ කවුරුන්ද?
  25. බුදු හිමි භික්ෂුණි ශාසනය ඇතිකළේ කොහේදීද? කගේ පැවිද්දත් සමගද? එසේ පැවදි  කෙළේ කුමක් පිලි ගැනීමෙන් පසුවද?
  26. බුදු හිමියෙ තාවකාලික උපස්ථායක වරු කවුරුන්ද?
  27. බුදු හිමි ස්ථිර උපස්ථායකයෙක් පත් කර ගත්තේ වයස කියේදීද ? බුද්දත්වයෙන් වසර කීයකට පසුද?
  28. බුද්ධ උපස්ථායක කවුරුන්ද?
  29. බුදුහිමි මුල් විසිවස ගත කාලේ කුමන ස්ථාන වලද?
2 පාඩම
  1. අංගුලිමාලගේ දෙමාපියන් කවුරුන්ද? පිය කුමන රජුගේ පුරෝහිතයද?
  2. අංගුලිමාලගේ මුල් නම කුමක්ද?
  3. ඔහුගේ ගුරුවරයා කවුරුද?
  4. අහිසක අංගුලිමාල බවට පත්වුයේ කුම හේතුවකින්ද?
  5. බුදු හිමි ඇවිදිමින් තම නැවතුන බව කිවේ ඇයි ?
  6. අංගුලිමාල තෙරුන්ට ලැබුන අග තනතුර කුමක්ද?
  7. අංගුලිමාල තෙරුන්ගේ කතාවෙන් ඔබ ජිවිතයට ගතහැකි ආදර්ශ මොනවාද?

3 පාඩම
  1. කුමරකශ්‍යප මාතාවගේ නිවැරදි බව පෙන්වීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද?
  2. විනයධර භික්ෂුන්ගේ අග්ග්‍රස්ථානය ලැබුනේ කාටද?
  3. කුමරකශ්‍යප මාතාවගේ කථාවෙන් ගතහැකි අදර්ෂ මොනවාද?
4 පාඩම
  1. භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කථාවෙන් ගතහැකි අදර්ෂ මොනවාද?
  2. අක්කෝසන් වැඩ බන්ධන්ච..... යන ගාථාව සම්පුරණ කරන්න.
5 පාඩම
  1. මහා කාශ්‍යප හිමිගේ ගිහි කල නම කුමක්ද? ඔහුගේ දෙමාපියන් හා භාර්යාව නම් කරන්න.
  2. බුදු හිමිට සමාන රුපයක් තිබූ හිමියන් කවුද?
  3. බුදුහිමි මහා කාශ්‍යප හිමිට බුදු හිමි දුන් අවවාද මොනවාද? එට  හේතු මොනවාද?
  4. බුදුහිමි හා පිප්පලී කුමරු හමු වුයේ කුමන නුවරවල් අතර කුමන ස්ථානයේදීද?
  5. මහා කාශ්‍යප හිමිට ලැබුන අග තනතුර කුමක්ද?
  6. ධාතු බෙදීම සිදු කාලේ කුමන හිමිගේ ප්‍රධානත්වයෙන්ද?
6 පාඩම
  1. මහා ප්‍රජාපති ගෝතමියගේ ස්වාමියා, සහෝදරිය හා පුත් කුමරා කවුද?
  2. රෝහිනී නදියේ ගැටලුව ඇති වුයේ කුමන රාජ්‍ය අතරද?
  3. බුදු හිමි භික්ෂුණි ශාසනය ඇතිකළේ කොහේදීද? කගේ පැවිද්දත් සමගද? එසේ පැවදි  කෙළේ කුමක් පිලි ගැනීමෙන් පසුවද?
  4. ඇයට ලැබුන අග තනතුර කුමක්ද?
  5. බුදු හිමි ඇයට ගරුකිරීමක් ලෙස කුමක් සිදු කලේද?
  6. ඇය කොපමණ ආයු වැලදීද?
  7. කෙගේ ආදාහනය සිදු කළේ කවුරුන්ද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන



Sunday, July 7, 2013

දහම් පාසැල - 8 ශ්‍රේණිය ගාථා, දහම් කවි, බෞද්ධ පරිසරය අභ්‍යාස

22 පාඩම

  1. ධම්මපදය යන්නේ තේරුම?
  2. ධම්මපදයේ අඩංගු ගාථා ගණන කියද? එහි වග්ග කීයද ? ඒවාට උදාහරණ දෙන්න?
  3. සුත්‍ර පිටකය බෙදන කොටස් මොනවාද?
  4. ධම්මපදය කුමන නිකායට අයත්ද?
  5. "උට්ඪානවතෝ සතිමතෝ ..." ගාථාවට අනුව දියුනුවන්නේකුගේ ලක්ෂණ මොනවාද?
23 පාඩම


  1. ජතක පාලියේ අඩංගු ගාථා වලට අදාල කථා අඩංගු වන්නේ කුමක්ද?
  2. ජතක පාලියට අනුව සත්පුරුෂ ලක්ෂණ මොනවාද?
24,27, 28 පාඩම
  1. පද්‍යන්  බුදුගුණ වයන ග්‍රන්ථ මොනවාද? 
  2. ගද්‍යන්  බුදුගුණ වයන ග්‍රන්ථ මොනවාද? 
  3. බුදුගුණ 9 ලියා තේරුම් ලියන්න.
  4. දස අකුසල් ලිය දක්වන්න.
  5. දස පින් කිරියවත් ලියා දක්වන්න.
  6. සතුන් මැරීමේ අකුසලය සම්පුර්ණ වීමට සැපිරිය යුතු අංග මොනවාද?
  7. බොරුකිමේ අකුසලය සම්පුර්ණ වීමට සැපිරිය යුතු අංග මොනවාද?
දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
30 පාඩම
  1. ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩකිරීමට මුලිකත්වය ගත්තේ කවුද?
  2. ලංකාවට ශ්‍රී මහා බෝධිය ගෙන අවේ කවුද? ඔවුන් ගොඩ බැස්සේ කොහාටද?කුමන රජු දවසද? කුමන පෝය දිනකද? මෝකල දබදිව රැජි කවුද?
  3. එම පිරිසගේ ප්‍රධානත්වය ගත්තේ කවුරුන්ද?
  4. මේසමග ලංකාවට ලැබුන අනෙකුත් දේ මොනවාද?
  5. ලක් රජවරු ශ්‍රී මහා බෝධියට ගෞරව දැක්වුයේ කෙසේද?
  6. බෝධිය අශ්‍රිතව ලියවුන සාහිත්‍යය කෘති මොනවාද?
  7. බෝධිය අශ්‍රිතව ඇතිවුන ගෘහ නිර්මාණ මොනවාද?
  8. අප බෝධියට පුද පුජා දක්වන්නේ කෙසේද?
  9. බෝධිය වදින ගාථාව කුමක්ද?
  10. මිහිදු හිමි ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩකිරීමට තු කරවුයේ කුමන හේතුවක් නිසාද?

31 පාඩම
  1. බුදු හිමි සිගාලෝවාද සුත්‍රය දෙසුවේ කාටද?
  2. එම සුත්‍රයේ අඩංගු කරුණු?
  3. සදිසා මොනවාද ?
  4. මාපිය දුදරු, ගුරු සිසු, කුලපුතු මිතුරු  අයිතිවාසිකම් මොනවාද ?
  5. යහපත් මිතුරන් 4 දෙනා ? අයහපත් මිතුරන් 4 දෙනා ?
  6. යහපත් සමාජයක් ගොඩනැගීමට සිගාලෝවාද සුත්‍රයට අනුව එකිනෙකට යුතුකම් ඉටුකිරීම මහෝපකාරී වේ. පහදන්න?
32 පාඩම
  1. බුදුහිමි රතන සුත්‍රය දෙසුවේ කුමන හේතුවක් නිසාද?
  2. රතන සුත්‍රයේ අඩංගු කරුණු මොනවාද?
  3. තුන්බිය නම් කරන්න.
  4. විශාලා මහා නුවර මෙම සුත්‍රය දෙසමින් පිරිත් පැන් ඉස්සේ කවුද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

දහම් පාසැල අභිධර්මය - 8 ශ්‍රේණිය

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

අභිධර්මය ප්‍රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
  1. චිත්ත පරමාර්ථය 
  2. චෛතසික පරමාර්ථය 
  3. රූප පරමාර්ථය 
  4. නිබ්භාන පරමාර්ථය 
චෛතසික පරමාර්ථය

චෛතසික යනු, 

  • සිතේ ඇති ඒවා.
  • සිතේ ඇති ගති.
  • සිතේ ඇති ස්වරූප.
  • සිතේ ඇති ස්වාභාව.

චෛතසික වල ප්‍රධාන ලක්ෂණ 3කි.

  • සිත උපදින විට උපදී.
  • සිත නැතිවන විට නැති වේ.
  • සිත ගන්නා අරමුණම ගනී.
  • සිත ඇසුරු කරන  වසතුවම ඇසුරු කරයි.

අභිධර්මයේ චෛතසික 52ක් විස්තර  වේ. ඒවා ප්‍රධාන කොටස් 3කි.
  1. අඤසමාන 13  
  2. අකුසල 14  
  3. ශෝභන25 

අඤසමාන චෛතසික 13 
  1. සබ්බචිත්ත සාධාරණ 7-කුසල අකුසල සියලුම සිත්වල පොදුවේ යෙදෙන චෛතසික සබ්බචිත්ත සාධාරණ නම් වේ.
    •  ඵස්ස
    • වේදනා
    • සඤ්ඤා
    • චේතනා 
    • එකග්ගතා 
    • මනසිකාර 
    • ජිවිතේන්ද්‍රිය 
  2. ප්‍රකිර්නක 6 - ඒ ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ප්‍රකිර්නක නම් වේ .
    • විතක්ක
    • විචාර
    • අධිමොක්ක
    • විරිය
    • ප්‍රීති
    • ඡන්ද
අකුසල 14
උදා : ලෝභ, ඉස්සා, මාන, දිට්ටි, දෝස, අහිරික, අනොත්තප්ප

ශෝභන25
  1. ශෝබන සාධාරණ 19 - උදා: සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝධ, අදෝස 
  2. විරති 3 - සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව
  3. අප්පමඤ්ඤ - කරුණා, මුදිතා

සම්පුරණ සටහන : http://www.mindmeister.com/308233132/52

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

Saturday, July 6, 2013

දහම් පාසල - 8 ශ්‍රේණිය බුද්ධ ධර්මය අභ්‍යාස

18 පාඩම

  1. චතුරාර්ය සත්‍ය අඩංගු සුත්‍ර?
  2. බුදුහිමි දම්සක්  පැවතුම් සුත්‍රය දෙසුවේ කාටද? කවදාද ? කොහෙදිද?
  3. චතුරාර්ය සත්‍ය නම් කරන්න.
  4. මේවා ආර්ය සත්‍ය ලෙස හැදින්වීමට හේතු ?
  5. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම එදිනෙදා ඇතිවන ගැටළු විසදීමට උපකාර වන අන්දම?
  6. නුන්තරා බෝධිය නම් කරන්න.
  7. දුක බෙදා දැක්විය හැකි කොටස් 3? ඒවායේ කෙටි තේරුම්?
  8. සංඛාර යනු මොනවාද?
  9. දුකට හේතුව කුමක්ද?
  10. තුන් වැදෑරුම් තුෂ්නාව ? කෙටි තේරුම්?
  11. පස්කම්සැප ?
  12. පංච ඉන්ද්‍රිය ?
  13. නිර්වාණය යනු කුමක්ද? එය හදුන්වන වෙනත් නම්?
  14. නිර්වාණයේ කොටස් 2? ඒවා හදුන්වන වෙනත් නම්?
  15. බුදු හිමි සෝපාදිසේස නිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?

  16. බුදු හිමි ස්කන්ද්ධ පරිනිර්වාණයට පත්වුයේ වයස කියේදීද ? කොහේදිද ?
  17. චතුරාර්ය සත්‍ය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීම මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර වන අන්දම?
  18. නිවන සන්දිට්ටික වන්නේ කවර හෙයින්ද?

19 පාඩම
  1. අත්හලයුතු අන්ත 2?
  2. බුදුහිමි කොපමණ කලක් කම සුක්ල්හිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය අනුගමනය කලේදැයි වෙනවෙනම ලියන්න.
  3. මධ්‍යම ප්‍රතිපදාව යනු?
  4. ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු?
  5. අරි අටගි මග පිළිවලින් ලියන්න?
  6. නිවැරදි කල්පනා 3?
  7. වචනයන් වන අකුසල් 4?
  8. සම්මා කම්මන්තයේ කොටස් 3?
  9. නොකළයුතු වෙළදාම් 5?
  10. සතර සම්යප්‍රධාන විර්යය ?
  11. සම්මා සතියේ අංග ?
  12. සම්මා සමාධියට පත්වීමෙන් ලබාගත හැකි ධ්‍යාන ?
  13. පංච නනිවරණ ?
  14. ආර්ය අෂ්ඨාංගික ත්‍රිශික්ෂාවට බෙදා දක්වන්න?
  15. බුදුසසුනේ පමණක් ආර්ය අශ්ටන්ගික මාර්ගය ඇතිබව දෙසුවේ කාටද?
  16. මධ්‍යම ප්‍රතිපදාව පිළිබද ආකල්පය එදිනෙදා ජිවිතයට සම්බන්ද කරගත හැක්කේ කෙසේද?

20 පාඩම
  1. දස සංයෝජන ලිය කෙටි තේරුම ලියන්න.
  2. ඕරම්භාගිය හා උද්ධම්භාගිය  සංයෝජන අතර වෙනස දක්වන්න. එම සංයෝජන වෙනවෙනම ලියන්න.
  3. බුද්ධාදී අටතැන පිළිබද සැකය ලියා දක්වන්න.
  4. පංචස්ඛන්දය ලියා දක්වන්න.
  5. අතීත භාරතයේ අනුගමනය කල වෘත මොනවාද?
  6. පස්කම් සැප දක්වන්න.
  7. කාම ලෝක මොනවාද? කම සුගති හා දුගති වෙන වෙනම දක්වන්න.
  8. සෝවාන් වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
  9. සකෘදගාමී වීමේදී නැතිවන(ප්‍රහාණය වන) හා තුනිවන සංයෝජන මොනවාද?
  10. අනාගාමී වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
  11. අරහත් වීමේදී නැතිවන(ප්‍රහාණය වන) සංයෝජන මොනවාද?
  12. සෝවාන් පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
  13. සකෘදගාමී පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
  14. අනාගාමී පුද්ගලයා උපරිමව ආත්ම කියක් උපදීද? එම කාලයේ ඔහු උපදින්නේ කොහේද?
  15. බ්‍රහ්ම ලෝක කියද ?
  16. මානයේ කොටස් 3?
මාර්ග ඵලය
සම්පුර්ණයෙන් නැතිවන සංයෝජන
තුනීවන   සංයෝජන
මරණින් මතු උපදින ස්ථානය
යලි උපදින ආත්ම ගණන
සෝවාන්




සකෘදාගාමී




අනාගාමී




අරහත්





21 පාඩම
  1. කෙලෙස් යනු මොනවාද?
  2. නිවාරණ යනු මොනවාද?
  3. පංචනීවරණ ලිය කෙටි තේරුම් ලියන්න.
  4. මේවා නැතිකර ගාථා හැක්කේ කෙසේදැයි වෙනවෙනම ලියන්න.
  5. ථින හා මිද්ධ අතර වෙනස ලියා දක්වන්න?
  6. උද්දච්ච හා කුක්කුච්ච අතර වෙනස ලියා දක්වන්න?
  7. විර්යයේ අවස්ථා 3?
  8. බුදුහිමි පංච නිවරණ උපමා කාලේ මොනවටද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන

දහම් පාසැල - 9 ශ්‍රේණිය - ගාථා දහම් කවි, බෞද්ධ පරිසරය හා කලා ශිල්ප අභ්‍යාස

27 පාඩම
  1. යෝ වේ කතන්ච කතාවේදී ධීරෝ.... ගාථාවට අනුව සත්පුරුෂ ලක්ෂණ මොනවද?
  2. අලසෝ ගිහි කමභෝගින සාධූ ... ගාථාවට අනුව නොමනා සතරදෙන කවුද?
  3. ඕවාදකාරී භත පොසී ... ගාථාවට අනුව යහපත් පුතාගේ ලක්ෂණ මොනවාද?
දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
30, 31 පාඩම්
  1. පරාභවයට බලපාන සාදක කවරේද?
  2. පරාභව සුත්‍රය දෙසුවේ කාටද? කොහෙදිද?
  3. පරාභවයට බලපාන හේතු අවබෝධ කරගැනීමෙන් යහපත් සමාජයක් ගොඩනැගිය හැක. පහදන්න.

32,34 පාඩම්
  1. බුදු හිමි සිගාලෝවාද සුත්‍රය දෙසුවේ කාටද?
  2. එම සුත්‍රයේ අඩංගු කරුණු?
  3. සදිසා මොනවාද ?
  4. ගිහි පැවදි , අබු සැමි, සේවක සේව්‍යයුතු අයිතිවාසිකම් මොනවාද ?
  5. ගෘහ සේවකයාගේ සුරක්ෂිත භාවය සදහා බුදුදහමෙන් ලැබෙන උපදෙස් මොනවාද?
  6. යහපත් සමාජයක් ගොඩනැගීමට සිගාලෝවාද සුත්‍රයට අනුව එකිනෙකට යුතුකම් ඉටුකිරීම මහෝපකාරී වේ. පහදන්න?
35 පාඩම

  1. රන්කිරි කට ගෑම යනු කුමක්ද ?
  2. ඉදුල් කට ගෑම එදා හැදින්වූ නම?
  3. කර්ණ විජ්ජන මංගල්ලය යනු?
  4. චුලා කප්පන මංගල්ලය යනු/
  5. අත් පොත් තැබීම යනු?
  6. බෞද්ධ මංගල අවස්ථා 5ක් ?
36 පාඩම
  1. බෞද්ධ විවාහ මංගල්ලයක ප්‍රධාන අංග/
  2. අවාහ හා විවාහයේ වෙනස?
  3. අෂ්ටක වල ඉ වන්නේ මොනවාද? 
  4. බෞද්ධ විවාහ අවස්ථා වල සිදුවන  බුදු දහමට පටහැනි ක්‍රියා මොනවාද?

37 පාඩම
  1. බෞද්ධ අවමංගල අවස්ථා වල සිදුවන  බුදු දහමට පටහැනි ක්‍රියා මොනවාඩ/
  2. පැන්වඩන ගාථාව?
  3. මතක වස්ත්‍ර පුදන ගාථාව?
38 පාඩම

  1. මුල්කාලයේ බුදු පිළිම වෙනුවට යොදාගත් දේ මොනවාද?
  2. බුදු පිළිම නෙලන සම්ප්‍රදායන් මොනවාද? ඒවායේ ප්‍රධාන ලක්ෂණ මොනවාද?
  3. ග්‍රීක දෙවිවරු මෙන් කඩවසම්, භාහිර පෙනුමට මුල්තැන දුන් බුදු පිළිම සම්ප්‍රදාය කුමක්ද?
  4. අභ්‍යයන්තර ගුණ සදහා මුල් තැන දෙනු ලැබූ සම්ප්‍රදාය කුමක්ද?
  5. අන්ද්‍ර හෙවත් අමරාවතී සම්ප්‍රදායේ ලක්ෂණ මොනවාද?
  6. බුදු පිළිම නෙලන මුද්‍රා මොනවාද?
  7. බුදු පිළිම තනන අසන ක්‍රම ?
  8. වැඩ හිටින ඉරියව්ව අනුව පිළිම නෙලන ආකාර මොනවාද?
39 පාඩම

  1. ලංකාවේ මුලින්ම ඉදිවුන බුදුපිළිම සදහා සාක්ෂි මොනවාද/ කුමන රජු දවසද?
  2. සමාදිපිළිමය හදුන්වන නම?
  3. මෙම පිළිමය කරවූ රජු?
  4. සමාදි පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  5. තොලුවිල පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  6. එම පිළිමය ඇද තැම්පත් කර ඇත්තේ කොහේද ?
  7. අවුකන පිළිමය තැනු රජු?
  8. මෙය හදුන්වන තවත් නමක් දෙන්න?
  9. කාලවපිය යනු කුමක්ද?
  10. මෙම පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  11. මාලිගාවිල පිළිමය පිළිසකර කලේ කවුද?
  12. පොළොන්නරුව ගල්විහාරය ඉදිකළේ කවුද?
  13. එහි වූ බුදු පිළිමවල මුද්‍රා මොනවාද?
  14. ආනන්ද හිමිගේ යයි සලකන පිළිමයේ මුද්‍රාව කුමක්ද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන