Tuesday, July 9, 2013

දහම් පාසැල 8 ශ්‍රේණිය - බුද්ධ චරිතය අභ්‍යාස

1 පාඩම

  1. බෝසතුන් කොපමණ කලක් සත්‍ය සොයමින් කාලය ගාථා කලේද?
  2. මෙමෙ කාලයේදී උන් වහන්සේගේ ගුරුවරුන් කවුරුන්ද?
  3. ත්‍රිවිද්‍යා මොනවාද?
  4. බුදු හිමි බුද්ධත්වයට කවදාද? කොහෙදිද?
  5. සත් සතිය නම් කරන්න.
  6. සත් සතිය වන්දනා කරන ගාථාව කුමක්ද?
  7. පහත සති වල සිදුවූ වැදගත් සිදුවීම් මොනවාද?
    1. 1 සතිය
    2. 4 සතිය
    3. 5 සතිය 
  8. බුදු  හිමි පළමු ධර්ම දේශනය සුදු කාලේ කවදාද? කොහෙදිද? කා සදහාද? එම සුත්‍රය කුමක්ද? එහි අඩංගු කරුණු මොනවාද? එය අසා සෝවාන් වුයේ කවුරුන්ද?
  9. පස්වග මහනුන් රහත් වීමට දෙසු සුත්‍රය කුමක්ද?
  10. ප්‍රථම රහත් 60 නමට දුන් අවවාදය කුමක්ද?
  11. ප්‍රථම රහත් 60 නම නම් කරන්න.
  12. එම පිරිසට ධර්ම චාරිකාවේ පිටත් කර බුදුහිමි වැඩියේ කොහාටද?
  13. බුදු සසුනේ දෙවන ධර්ම දුත කණ්ඩායම කවුරුන්ද?
  14. බුදු සසුනේ තෙවන ධර්ම දුත කණ්ඩායම කවුරුන්ද? කීයද?මොවුන් රහත් වීමට දෙසු සුත්‍රය කුමක්ද?
  15. තුන් බෑ ජටිලයන් නම් කරන්න. ඔවුන්ගේ පිරිස වෙන වෙනම දක්වන්න.
  16. බුදු සසුනේ අග්‍රශ්‍රාවකයන් වහසේලා නම් කරන්න. මොවුන්ගේ ගිහි නම් මොනවාද? මොවුන්ගේ මුල් ගුරුවරයා කවුද? මොවුන් බුදු හිමි වෙත පමිණියේ  කගෙන් දහම් අසාද?
  17. තෙරුවන් සරණ ගියා පළමු රජු කවුද?
  18. බුසසුනේ අග්‍ර දායක හා දායිකාව නම් කරන්න.
  19. වේළුවනාරාමය ඉදිකළේ කවුද?
  20. ජේතවනාරාමය ඉදිකළේ කවුද?
  21. පුරවාරාමය ඉදිකළේ කවුද?
  22. නිග්‍රෝධරාමය ඉදිකළේ කවුද?
  23. බුදු හිමි පිහිටවූ අසරණයෝ කවුරුන්ද?
  24. බුදු හිමි පිහිටවූ කාන්තාවෝ කවුරුන්ද?
  25. බුදු හිමි භික්ෂුණි ශාසනය ඇතිකළේ කොහේදීද? කගේ පැවිද්දත් සමගද? එසේ පැවදි  කෙළේ කුමක් පිලි ගැනීමෙන් පසුවද?
  26. බුදු හිමියෙ තාවකාලික උපස්ථායක වරු කවුරුන්ද?
  27. බුදු හිමි ස්ථිර උපස්ථායකයෙක් පත් කර ගත්තේ වයස කියේදීද ? බුද්දත්වයෙන් වසර කීයකට පසුද?
  28. බුද්ධ උපස්ථායක කවුරුන්ද?
  29. බුදුහිමි මුල් විසිවස ගත කාලේ කුමන ස්ථාන වලද?
2 පාඩම
  1. අංගුලිමාලගේ දෙමාපියන් කවුරුන්ද? පිය කුමන රජුගේ පුරෝහිතයද?
  2. අංගුලිමාලගේ මුල් නම කුමක්ද?
  3. ඔහුගේ ගුරුවරයා කවුරුද?
  4. අහිසක අංගුලිමාල බවට පත්වුයේ කුම හේතුවකින්ද?
  5. බුදු හිමි ඇවිදිමින් තම නැවතුන බව කිවේ ඇයි ?
  6. අංගුලිමාල තෙරුන්ට ලැබුන අග තනතුර කුමක්ද?
  7. අංගුලිමාල තෙරුන්ගේ කතාවෙන් ඔබ ජිවිතයට ගතහැකි ආදර්ශ මොනවාද?

3 පාඩම
  1. කුමරකශ්‍යප මාතාවගේ නිවැරදි බව පෙන්වීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද?
  2. විනයධර භික්ෂුන්ගේ අග්ග්‍රස්ථානය ලැබුනේ කාටද?
  3. කුමරකශ්‍යප මාතාවගේ කථාවෙන් ගතහැකි අදර්ෂ මොනවාද?
4 පාඩම
  1. භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කථාවෙන් ගතහැකි අදර්ෂ මොනවාද?
  2. අක්කෝසන් වැඩ බන්ධන්ච..... යන ගාථාව සම්පුරණ කරන්න.
5 පාඩම
  1. මහා කාශ්‍යප හිමිගේ ගිහි කල නම කුමක්ද? ඔහුගේ දෙමාපියන් හා භාර්යාව නම් කරන්න.
  2. බුදු හිමිට සමාන රුපයක් තිබූ හිමියන් කවුද?
  3. බුදුහිමි මහා කාශ්‍යප හිමිට බුදු හිමි දුන් අවවාද මොනවාද? එට  හේතු මොනවාද?
  4. බුදුහිමි හා පිප්පලී කුමරු හමු වුයේ කුමන නුවරවල් අතර කුමන ස්ථානයේදීද?
  5. මහා කාශ්‍යප හිමිට ලැබුන අග තනතුර කුමක්ද?
  6. ධාතු බෙදීම සිදු කාලේ කුමන හිමිගේ ප්‍රධානත්වයෙන්ද?
6 පාඩම
  1. මහා ප්‍රජාපති ගෝතමියගේ ස්වාමියා, සහෝදරිය හා පුත් කුමරා කවුද?
  2. රෝහිනී නදියේ ගැටලුව ඇති වුයේ කුමන රාජ්‍ය අතරද?
  3. බුදු හිමි භික්ෂුණි ශාසනය ඇතිකළේ කොහේදීද? කගේ පැවිද්දත් සමගද? එසේ පැවදි  කෙළේ කුමක් පිලි ගැනීමෙන් පසුවද?
  4. ඇයට ලැබුන අග තනතුර කුමක්ද?
  5. බුදු හිමි ඇයට ගරුකිරීමක් ලෙස කුමක් සිදු කලේද?
  6. ඇය කොපමණ ආයු වැලදීද?
  7. කෙගේ ආදාහනය සිදු කළේ කවුරුන්ද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන