Thursday, July 18, 2013

දහම් පාසැල 7 ශ්‍රේණිය - බුද්ධ ධර්මය වැදගත් කරුණු හා අභ්‍යාස

සැයු : පෙළ පොතේ අභ්‍යාස අනිවාර්යයෙන්ම සිදු කරන්න.

22 පාඩම

ත්‍රිශික්ෂා යනු,

  • ශිල - කය වචනය සංවර කර ගැනීම
  • සමාධි - සිත සංවර කර ගැනීම - සමථ භාවනා මගින්  
  • ප්‍රඥා - ත්‍රිලක්ෂණයට අනුව ඇති සැටියෙන් දැකීම. - විදර්ශණා භාවනා මගින්

ත්‍රිලක්ෂණය

  • අනිත්‍ය - ස්ථිර නැති බව
  • දුක්ඛ - ස්ථිර නැති බව නිසා ඇතිවන දුක් සහිත බව.
  • අනාත්ම - සියල්ල ස්ථිර නැති නම් ස්ථිරව ගතහැකි ආත්ම නමින් කිසිවක් නැත.
  1. අංග 3 කින් යුතු බුදු දහමේ උගන්වන හික්මීමේ ක්‍රමය හදුන්වන නම කුමක්ද?
  2. ත්‍රිශික්ෂාව ලියා දක්වන්න? කෙටියෙන් හදුන්වන්න.
  3. කයෙන් වන අකුසල් මොනවාද?
  4. වචනයෙන් වන අකුසල් මොනවාද?
  5. ගිහියාගේ නිත්‍ය ශිලය කුමක්ද?
  6. පොහෝදින අප සමාදන්වන ශිල මොනවාද?
  7. අටසිල් ලිය දක්වන්න.
  8. භාවනාව බෙදන කොටස් 2 මොනවාද? ඒවාට උදාහරණ දෙන්න.
  9. ත්‍රිලක්ෂණය නම් කරන්න. කෙටි තේරුම් ලියන්න.
  10. ත්‍රිලක්ෂණය අවබෝධය දහම් පාසැල් සිසුවෙකුට වැදගත් වන්නේ කෙසේද?
23 පාඩම
  1. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිවෙලින් දක්වන්න. කෙටි තේරුම් ලියන්න.
  2. යහපත් කල්පනා 3 මොනවාද?
  3. වචනයෙන් වන අකුසල් මොනවාද?
  4. කයෙන් වන අකුසල් මොනවාද?
  5. නොකළයුතු වෙළදාම් 5 මොනවාද?
  6. සතර සම්‍යප්‍රධාන විර්යය දක්වන්න?
  7. සම්මා වායාමය බෙදෙන කොටස් මොනවාද?
  8. සතර සතිපට්ටානය නම් කරන්න.
24 පාඩම
  1. සත්ත බොජ්ඣංග ලියා දක්වන්න. කෙටි තේරුම් ලියන්න.
  2. සත්ත බොජ්ඣංග යන්නේ අරුත කුමක්ද?


චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන