Saturday, July 6, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය - ගාථා දහම් කවි, බෞද්ධ පරිසරය හා කලා ශිල්ප අභ්‍යාස

27 පාඩම
  1. යෝ වේ කතන්ච කතාවේදී ධීරෝ.... ගාථාවට අනුව සත්පුරුෂ ලක්ෂණ මොනවද?
  2. අලසෝ ගිහි කමභෝගින සාධූ ... ගාථාවට අනුව නොමනා සතරදෙන කවුද?
  3. ඕවාදකාරී භත පොසී ... ගාථාවට අනුව යහපත් පුතාගේ ලක්ෂණ මොනවාද?
දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
30, 31 පාඩම්
  1. පරාභවයට බලපාන සාදක කවරේද?
  2. පරාභව සුත්‍රය දෙසුවේ කාටද? කොහෙදිද?
  3. පරාභවයට බලපාන හේතු අවබෝධ කරගැනීමෙන් යහපත් සමාජයක් ගොඩනැගිය හැක. පහදන්න.

32,34 පාඩම්
  1. බුදු හිමි සිගාලෝවාද සුත්‍රය දෙසුවේ කාටද?
  2. එම සුත්‍රයේ අඩංගු කරුණු?
  3. සදිසා මොනවාද ?
  4. ගිහි පැවදි , අබු සැමි, සේවක සේව්‍යයුතු අයිතිවාසිකම් මොනවාද ?
  5. ගෘහ සේවකයාගේ සුරක්ෂිත භාවය සදහා බුදුදහමෙන් ලැබෙන උපදෙස් මොනවාද?
  6. යහපත් සමාජයක් ගොඩනැගීමට සිගාලෝවාද සුත්‍රයට අනුව එකිනෙකට යුතුකම් ඉටුකිරීම මහෝපකාරී වේ. පහදන්න?
35 පාඩම

  1. රන්කිරි කට ගෑම යනු කුමක්ද ?
  2. ඉදුල් කට ගෑම එදා හැදින්වූ නම?
  3. කර්ණ විජ්ජන මංගල්ලය යනු?
  4. චුලා කප්පන මංගල්ලය යනු/
  5. අත් පොත් තැබීම යනු?
  6. බෞද්ධ මංගල අවස්ථා 5ක් ?
36 පාඩම
  1. බෞද්ධ විවාහ මංගල්ලයක ප්‍රධාන අංග/
  2. අවාහ හා විවාහයේ වෙනස?
  3. අෂ්ටක වල ඉ වන්නේ මොනවාද? 
  4. බෞද්ධ විවාහ අවස්ථා වල සිදුවන  බුදු දහමට පටහැනි ක්‍රියා මොනවාද?

37 පාඩම
  1. බෞද්ධ අවමංගල අවස්ථා වල සිදුවන  බුදු දහමට පටහැනි ක්‍රියා මොනවාඩ/
  2. පැන්වඩන ගාථාව?
  3. මතක වස්ත්‍ර පුදන ගාථාව?
38 පාඩම

  1. මුල්කාලයේ බුදු පිළිම වෙනුවට යොදාගත් දේ මොනවාද?
  2. බුදු පිළිම නෙලන සම්ප්‍රදායන් මොනවාද? ඒවායේ ප්‍රධාන ලක්ෂණ මොනවාද?
  3. ග්‍රීක දෙවිවරු මෙන් කඩවසම්, භාහිර පෙනුමට මුල්තැන දුන් බුදු පිළිම සම්ප්‍රදාය කුමක්ද?
  4. අභ්‍යයන්තර ගුණ සදහා මුල් තැන දෙනු ලැබූ සම්ප්‍රදාය කුමක්ද?
  5. අන්ද්‍ර හෙවත් අමරාවතී සම්ප්‍රදායේ ලක්ෂණ මොනවාද?
  6. බුදු පිළිම නෙලන මුද්‍රා මොනවාද?
  7. බුදු පිළිම තනන අසන ක්‍රම ?
  8. වැඩ හිටින ඉරියව්ව අනුව පිළිම නෙලන ආකාර මොනවාද?
39 පාඩම

  1. ලංකාවේ මුලින්ම ඉදිවුන බුදුපිළිම සදහා සාක්ෂි මොනවාද/ කුමන රජු දවසද?
  2. සමාදිපිළිමය හදුන්වන නම?
  3. මෙම පිළිමය කරවූ රජු?
  4. සමාදි පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  5. තොලුවිල පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  6. එම පිළිමය ඇද තැම්පත් කර ඇත්තේ කොහේද ?
  7. අවුකන පිළිමය තැනු රජු?
  8. මෙය හදුන්වන තවත් නමක් දෙන්න?
  9. කාලවපිය යනු කුමක්ද?
  10. මෙම පිළිමයේ මුද්‍රාව කුමක්ද?
  11. මාලිගාවිල පිළිමය පිළිසකර කලේ කවුද?
  12. පොළොන්නරුව ගල්විහාරය ඉදිකළේ කවුද?
  13. එහි වූ බුදු පිළිමවල මුද්‍රා මොනවාද?
  14. ආනන්ද හිමිගේ යයි සලකන පිළිමයේ මුද්‍රාව කුමක්ද?

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන