Friday, July 19, 2013

දහම් පාසැල 7 ශ්‍රේණිය - අභිධර්මය අභ්‍යාස

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

සැලෙන සිත

  1. දුරංගමන් එක චරං .... ගාථාවට අනුව සිතේ ලක්ෂණ මොනවද?
  2. පංච ඉන්ද්‍රිය මොනවද? ඒවා පාලියෙන් දක්වන්න.
  3. ඒවාට අරමුණුවන අරමුණු මොනවද? ඒවා පාලියෙන් දක්වන්න.


අභිධර්මය ප්‍රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
  1. චිත්ත පරමාර්ථය 
  2. චෛතසික පරමාර්ථය 
  3. රූප පරමාර්ථය 
  4. නිබ්භාන පරමාර්ථය 
චිත්ත පරමාර්ථය

අභිධර්මයේ සිත් 89 ගැන කියවේ. මෙය 121 දක්වාද කොටස් කල හැක.



 
සම්පුර්ණ සටහන: http://www.mindmeister.com/170198376/_

  1. පහත පද වල තේරුම ලියන්න.
    • සෝමනස්ස සහගත
    • උපේක්ඛා සහගත
    • දිට්ඨිගත  සම්පයුක්ත
    • දිට්ඨිගත  විප්පයුක්ත
    • අසංඛාරික
    • සසංඛාරික
    • දෝමනස්ස සහගත
    • පටිඝ සම්පයුක්ත
    • ඤාණ සම්පයුක්ත 
  2. ආනන්ද සිටුවරයා උපතින්ම මසුරෙක් විය. මොහුට කාගෙවත් බලපෑමක් නොවීය. ඔහුට ඇතිවූ ලෝභ සිත කුමන සනයට වැටේද ?
  3. මුලසිරි සිටුවරයා උපතින්ම මසුරෙක් නොවීය. මොහු පියාගේ බලපෑමෙන් මසුරෙක් විය. ඔහුට ඇතිවූ ලෝභ සිත කුමන සනයට වැටේද ?
  4. මම මිතුරෙකු සමග පාරේ යන විට බිම වැටුණු මුදල් පසුම්බියක් දුටිමි. මෙය අහුලා ගැනීම වරදක් බව දැන දැනම මම මිතුරාගේ බලකිරීම නිසා සතුටින් යුතුව අහුලා ගතිමි. මට ඇතිවූ සිත සම්පුර්ණයෙන් ලියන්න.
  5. ලෝභ සිත් 8 ලියා තේරුම් ලියන්න.
  6. ද්වේෂ සිත් 2 ලියා තේරුම් ලියන්න.
  7. අජාසත්, දෙවුදත්ගේ වැරදි මගපෙන්වීම නිසා පිය මැරවීමට කටයුතු කළේය.ඔහුට ඇතිවූ ද්වේෂ සිත කුමන සනයට වැටේද ?
  8. කාමාවචර කුසක් සිත් 8 ලියා තේරුම් ලියන්න.
  9. රහතන් වහන්සේලා සිනා පහල කරනවිට ඇතිවන සිත කුමක්ද?
  10. කිරිය සිත් ඇතිවන්නේ කාටද?කුමන හේතුවක් නිසාද?
  11. රූපවචර ධ්‍යාන 4 මොනවාද ?
  12. අරූපවචර ධ්‍යාන 4 මොනවාද ?
  13. අෂ්ඨ සමාපත්ති මොනවාද?
  14. රූපවචර කුසල සිත් 5 ලියා දක්වන්න.
  15. බිම්බිසාර රජුගේ බලාපොරොත්තු 5 මොනවාද ?
  16. ලෝකෝත්තර සිත් 8 මොනවද?
  17. මාර්ග ඵලය
    ලැබීමට පූර්ණ වශයෙන් නැති කලයුතු සංයෝජන
    ලැබීමට තුනී කලයුතු සංයෝජන
    නැවත උපදින උපරිම ආත්ම ගනන
    නැවත උපදින ස්ථාන
    සෝවාන්




    සකෘදාගාමී




    අනාගාමී




    අරහත්




  18.  
    මාර්ග ඵලය
    මාර්ග ඵලයට පත්වූවන්ගේ ලක්ෂන
    සෝවාන්




    සකෘදාගාමී




    අනාගාමී




    අරහත්




  19. දස සංයෝජන
    සංයෝජනය
    කෙටි තේරුම



    ඹ්රම්භාගිය සංයෝජන
    (දෙව් ලෝක, මිනිස් ලොව, සතර අපාය වල (කාම ලෝක වල)ඉපදීමට හේතුවේ)










    උද්ධම්භාගිය සංයෝජන
    (රෑප අරෑප බුහ්ම ලෝක වල ඉපදීමට හේතුවේ)








  20. අනෙපිදුසිටු තුමාගේ දුවරු කවුරුන්ද? සුමන දියණිය පියාට මල්ලී යයි පැවසුවේ ඇයි? 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන