Sunday, July 21, 2013

දහම් පාසැල - 7 ශ්‍රේණිය - බෞද්ධ පරිසරය අභ්‍යාස

29 පාඩම
  1. අතුපතු ගෑ ගෙමිදුල දෙස බලා නිවන් අවබෝධ කරගත් භික්ෂුවක් ගැන සදහන් පොත කුමක්ද?
  2. පරිසරය හා සම්භන්ධ බෞද්ධ සිරිත් විරිත් මොනවාද?


30 පාඩම
  1. දාගැබ යනු කුමක්ද?
  2. දාගැබ් තනා ගෞරව ඩක්වන්නේ කාටද?
  3. ත්‍රිවිධ චෛත්‍යය මොනවාද?
  4. දාගැබක රුපසටහනක් ඇද කොටස් නම්කරන්න.
  5. දාගැබ් තනන හැඩ මොනවාද? එයට උදාහරණ දක්වන්න.
  6. ප්‍රදක්ෂිණා කිරීම යනු කුමක්ද?
  7. ත්‍රිවිධ චෛත්‍යය වදින ගථාව කුමක්ද?


31 පාඩම
  1. ලංකාවේ ඉතිහාස ගත පුථම දාගැබ කුමක්ද?
  2. මහින්දාගමනයට පෙර ඉදිවූ දාගැබ් මොනවාද?
  3. ථූපාරාමයේ එදා හා අද හැඩය කුමක්ද?
  4. මෙය ඉදිකලේ කවුද? මොනවා නිදන් කරද?
  5. රුවන්වැලිසෑයේ හැඩය කුමක්ද?
  6. මෙය ඉදිකලේ කවුද? මොනවා නිදන් කරද? එම ධාතු ගෙනාවේ කවුද? කොහෙන්ද?
  7. මෙම දාගැබේ අවසන් කටයුතු සිදුකලේ කවුද? මෙහි ඇත් පවුර කරවූයේ කවුද?
  8. රුවන්වැලිසෑය වදින ගාථාව කුමක්ද?
  9. අම්බස්තල චෛත්‍ය ඉදිකලේ කවුද? මොනවා නිදන් කරද?

32 පාඩම
  1. බුදු හිමි කරණීය මෙත්ත සූත්‍රය දෙසුවේ කාටද? ඇයි?
  2. දියුනුවන්නෙකුගේ ලක්ෂණ මොනවාද?
  3. පුද්ගලයා ඇද වන්නේ ඇයි?
  4. කෙටිතේරුම ලියන්න
    • සක්කෝ
    • උජුච සූජූච
    • සුවච
    • මුදු
    • සන්තුස්සක
    • සුභර
    • අප්පකිච්ච
    • සල්ලහුක වුත්ති
    • සන්තින්ද්‍රිය
    • නිපක
    • අප්පගබ්බ
  5. මෙත් වැඩිය යුත්තේ කාටද? 

දහම් කවි

පහත කෘතින් රචනා කාලේ කවුද?
  1. සුභාෂිතය 
  2. ලෝවැඩසගරාව
  3. ගුත්තිලය
  4. ලෝකෝපකාරය
  5. බුදුගුණ අලංකාරය 
  6. අමාවතුර
  7. සිරිත්මල්දම
  8. සැළලිහිණි සන්දේශය 
  9. බුත්සරණ , දම්සරණ , සගසරණ 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන