Saturday, July 13, 2013

දහම් පාසැල - 9 ශ්‍රේණිය අභිධර්මය චිත්ත පරමාර්ථය - අභ්‍යාස

  1. පහත පද වල තේරුම ලියන්න.
    • සෝමනස්ස සහගත
    • උපේක්ඛා සහගත
    • දිට්ඨිගත  සම්පයුක්ත
    • දිට්ඨිගත  විප්පයුක්ත
    • අසංඛාරික
    • සසංඛාරික
    • දෝමනස්ස සහගත
    • පටිඝ සම්පයුක්ත
    • විචිකිච්චා සම්පයුක්ත
    • උද්දච්ච සම්පයුක්ත
    • ඤාණ සම්පයුක්ත
    • චක්ඛු වීඤඤාණය
    • සම්පටිච්චන
    • සන්තිර්ණ
  2. රහතන් වහන්සේලා සිනා පහල කරනවිට ඇතිවන සිත කුමක්ද?
  3. කිරිය සිත් ඇතිවන්නේ කාටද?කුමන හේතුවක් නිසාද?
  4. අමල්ට සුවදක් දැනුනි. එය ප්‍රනීත සුවදක් බව ඔහුට පසක් විය. තදුරටත් එය අම්මා උයන පරිප්පු ව්‍යංජනයකින් එම සුවද හමන බව ඔහු හදුනා ගනී. ඔහුට ඇතිවූ අහේතුක සිත් පිලිවෙලින් ලියන්න
  5. මා  මල්ලි සමග පාරේ යන විට බිම වැටි තිබු මුදල් පසුම්බියක් දුටුවෙමි. අන්සතු මෙය ගැනීම වරදක් බව මම දැන සිටියෙමි. නමුත් මම මල්ලිගේ බල කිරීම නිසා සතුටින් යුතුව එම පසුම්බිය ගැනීමට සිතුනි. මට ඇතිවූ සිත කුමක්ද?
  6. මම කජු පුහුලම් කැඩීමට ගසට පොලු ගැසුවෙමි. මෙම ගලක් වැදී කුරුළු පැටවෙකු බිම ඇද වැටුණි. කුරුළු පැටවා මැරෙයි දැයි සිත මාසිත විසිරීමට පත් විය. පසුව මෙනිසා මට පවක් සිදුවේදැයි මට සැකයක් ඇති විය.  මට ඇතිවූ සිත් පිලිවෙලින් ලියන්න.
  7. මහා භූත රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  8. උපාදාය රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  9. විෂය රූප යනු මොනවාදැයි පහදන්න. ඒවා නම් කරන්න.
  10. අභිධර්මයේ රූප කියක් සදහන් වේද?
  11. අයිස් කැටයක් තදය. සිසිල්ය. මෙය ටික වෙලාවක් යනවිට දියවේ. එවිට වැගිරී යයි. මෙය රත් කල විට රත්වී නටයි. පසුව වාෂ්ප වේ. මේ එක එක අවස්ථාවේ බහුලව තිබූ මහා භූත රූප මොනවාද?
  12. ඇසට රුපයක් පෙනෙන අයුරු අපි විද්‍යාව පාඩමෙන් උගත්තෙමු. එමගින් කාචය හරහා ගොස් දෘෂ්ඨිවිතානයේ යටි කුරුව ඇතිවන ප්‍රතිබිම්බය මොලය මගින් හදුනා ගනී. මෙලෙස රූපයක් හදුනා ගැනීමට හැකිවන ලෙස ඇසේ විශේෂ කොටසක් ඇතිවී ඇත. මෙය අභිධර්මයේ හදුන්වන නම කුමක්ද?
  13. අහේතුක සිත් යනු මොනවද?

    1. අප රුපයක් දුටුවිට මුලින්ම ඇතිවන සිත කුමක්ද?
    2. එම අරමුණ පිළිගැනීමට ඇතිවන සිත කුමක්ද?
    3. එම අරමුණ කුමක්දැයි තීරණය කිරීමට ඇතිවන සිත කුමක්ද?
  14. දෙපස් වීඤ්ඤාණ සිත් කියද? මොනවාද?
  15. ඔබ පන්තියේ ඉගෙනගනිමින් සිටිනවිට,
    1. යාබද නිවසක රසවත් කෑමක් පිසින සුවදක් දැනෙයි. ඔබට ඇතිවන අහේතුක සිත් පිළිවලින් ලියන්න.
    2. පන්තිය අසල ජරා ගොඩක දුගදක් දැනෙයි. ඔබට ඇතිවන අහේතුක සිත් පිළිවලින් ලියන්න.
  16. ධම්මාරම්මණ අරමුණු වන්නේ කුමන ඉන්ද්‍රියටද?
  17. පන්චද්වාරාවර්ජන සිත යනු කුමක්ද? 
  18. මනෝද්වාරාවර්ජන සිත යනු කුමක්ද?
  19. රහතන් වහන්සේලාට ඇතිවන සිත් මොනවාද? 
චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන