Sunday, July 7, 2013

දහම් පාසැල අභිධර්මය - 8 ශ්‍රේණිය

සැයු: මෙය අභිධර්මය පාඩම් ඉගෙන ගැනීමට, මතක තබා ගැනීමට අත්වැලක් ලෙස පමණක් භාවිතා කරන්න. ඔබ පෙලපොතේ  පාඩම්, වැදගත් කරුණු, අභ්‍යාස ප්‍රගුණ කල යුතුය.

අභිධර්මය ප්‍රධාන පරමාර්ථ ධර්ම 4කින් යුක්තය.
  1. චිත්ත පරමාර්ථය 
  2. චෛතසික පරමාර්ථය 
  3. රූප පරමාර්ථය 
  4. නිබ්භාන පරමාර්ථය 
චෛතසික පරමාර්ථය

චෛතසික යනු, 

  • සිතේ ඇති ඒවා.
  • සිතේ ඇති ගති.
  • සිතේ ඇති ස්වරූප.
  • සිතේ ඇති ස්වාභාව.

චෛතසික වල ප්‍රධාන ලක්ෂණ 3කි.

  • සිත උපදින විට උපදී.
  • සිත නැතිවන විට නැති වේ.
  • සිත ගන්නා අරමුණම ගනී.
  • සිත ඇසුරු කරන  වසතුවම ඇසුරු කරයි.

අභිධර්මයේ චෛතසික 52ක් විස්තර  වේ. ඒවා ප්‍රධාන කොටස් 3කි.
  1. අඤසමාන 13  
  2. අකුසල 14  
  3. ශෝභන25 

අඤසමාන චෛතසික 13 
  1. සබ්බචිත්ත සාධාරණ 7-කුසල අකුසල සියලුම සිත්වල පොදුවේ යෙදෙන චෛතසික සබ්බචිත්ත සාධාරණ නම් වේ.
    •  ඵස්ස
    • වේදනා
    • සඤ්ඤා
    • චේතනා 
    • එකග්ගතා 
    • මනසිකාර 
    • ජිවිතේන්ද්‍රිය 
  2. ප්‍රකිර්නක 6 - ඒ ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ප්‍රකිර්නක නම් වේ .
    • විතක්ක
    • විචාර
    • අධිමොක්ක
    • විරිය
    • ප්‍රීති
    • ඡන්ද
අකුසල 14
උදා : ලෝභ, ඉස්සා, මාන, දිට්ටි, දෝස, අහිරික, අනොත්තප්ප

ශෝභන25
  1. ශෝබන සාධාරණ 19 - උදා: සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝධ, අදෝස 
  2. විරති 3 - සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව
  3. අප්පමඤ්ඤ - කරුණා, මුදිතා

සම්පුරණ සටහන : http://www.mindmeister.com/308233132/52

චතුරික ප්‍රියදර්ශන
සිරි විමලසිරි  දහම්පාසල - පොල්පිතිමුකලාන